Demo Site

Ama

copyright ©2014 Srilankan Art Web.All Rights Reserved

Saturday, April 9, 2011

MADU..........

නිවේදිකාවක් හා ටෙලි නාට්‍ය නිළියකවූ මේධා ජයරත්න එංගලන්තයේ පදිංචියට ගොස් ඇත්තේ ගුවන් විදුලි හා කේබල් රූපවාහිනී හිමිකරුවෙකු සමඟ තිබූ සමීප ඇසුරක් පළුදුවීමෙන් බව වාර්තා වේ.
සුරංග ලක්මාල් සෙනවිරත්න විසින් අධ්‍යක්‍ෂණය කළ ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශයවූ ‘අනවරත’ ටෙලි සිත්තමේ නිෂ්පාදකවරියවූ මේධා එහි අවසන් ගෙවීම රූපවාහිනියෙන් ලද විගසම එංගලන්යේ පදිංචියට ගොස් තිබේ.

ගුවන් විදුලි හා කේබල් රූපවාහිනී හිමිකරු එම ටෙලිය නිෂ්පාදනයට මුදල් ලබාදීමත්, ඇයට එම මුදල පියවීමට නොහැකිවීමත් මෙලෙස හදිසියේ විදේස්ගතවීමට හේතුවක් බවද මේ අතර, වාර්තා වේ.

අදාළ ගුවන් විදුලි හා කේබල් රූපවාහිනී හිමිකරු මීට පෙර දැනට විවාහක ප‍්‍රසිද්ධ නිළියන් දෙදෙනෙකු සමඟද සම්බන්ධකම් පැවැත්වූ බව ද මේ අතර, වාර්තා වේ.

අනවරත ටෙලි නාට්‍ය කිසිදු කොටසක් ඉවත් කිරීමකින් තොරව ජාතික රූපවාහිනියේ ප‍්‍රදර්ශනය සඳහා අනුමැතිය ලද ටෙලි නාට්‍යක් ලෙසට ද ඉතිහාසයට එක්වූවකි.

මේධා රට හැර ගියේ තම දරුවා සහ ස්වාමිපුරුෂයා සමඟවීම ද විශේෂිතය.

කෙසේවුවද මේධා නැවත ශී‍්‍ර ලංකාවට නොපැමිණීමට ඉඩ ඇති බවත්, මෙය කලක් තිස්සේ සැලසුම් කිරීමෙන් පසුව ගත් තීරණයක් බවත් ඇය එංගලන්යේ සිට මාධ්‍යට පවසා තිබිණි.

විදෙස්ග වීමට පෙර ඇය අනුරාධපුරයේදී රිය අනතුරකට ලක්වූවාය.

එම අනතුරින් ඇය සුළු තුවාල ලැබූ අතර, මේධාගේ රථය නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ රථයක් සමග එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබිණි.

නිවේදිකාවක් ලෙස ක්ෂේත‍්‍රයට අවතීරණය වූ මේධා සිය පළමු නිවේදන කටයුත්ත සිදුකරනු ලැබුවේ ස්වර්ණවාහිනි නාලිකාව හරහාය.

වසර 2002 දී ජැක්සන් ඇන්තනී සමගින් සජීවී සිංහල අලූත් අවුරුදු වැඩටහනක් ඉදිරිපත් කරමින් ඇය නිවේදන වෘත්තියට අත්පොත් තැබීය.

පසුව ඇය ස්වර්ණවාහිනියේ ස්වර්ණෝදය, අරුණෝදය, පංච කළ්‍යාණි ඇතුළු වැඩසටහන් රැුසක් ම ඉදිරිපත් කළාය.

ඇය මව් පදවිය ලැබීමත් සමග ස්වර්ණවාහිනියෙන් සමුගත් අතර,
පසුව ඇය සිරස නාලිකාවේ ‘වසූදා’ මෙගා ටෙලි නාට්‍ය හරහා නිළියක් බවට පත්වූවාය.

ඉන් පසුව ඇය කලක් සත් එෆ්.එම්. ගුවන්විදුලි නාලිකාවේ වැඩසටහන් කළමණාකාරිය ලෙසද කටයුතු කළාය.

0 comments:

Post a Comment

Thanks For All.........

Related Posts Plugin for WordPress, Blogger...

Total Pageviews

Protected by Copyscape Plagiarism Check